Update – උඩුගම්පොළ දී පොලිස් අණට අවනත නොවූ කත අත්අඩංගුවට (වීඩියෝ)

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයක් නවත්වන ලද අවස්ථාවේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් තමා එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් කාන්තාවක් හැසිරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මධ්‍යයේ සැරිසරනවා.

එලෙස පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරුණු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම හා අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අද (01) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම ඊයේ (31) දින ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ – උඩුගම්පොළ මාර්ගයේ සිදුව ඇති අතර, මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථ වාහන නිලධාරීන් විසින් මෙම කාර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේ දී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදී ඇය මෙසේ හැසිරී තිබෙනවා.

අනතුරුව මෙම ස්ථානයෙන්ද මෙම කාන්තාව පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේදී රථය නවත්වා ගෙන මෙම සැකකාර කාන්තාව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම සැකකාර කාන්තාව එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදුකරන ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් වන අතර එවැනි කිසිම සබඳතාවයක් නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26