මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය ඇතාගේ ජීවිත ආරක්ෂාව සැලසීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් යුද හමුදාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව යුද හමුදාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 09 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් විසින් වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් ඇතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටයුතු කරන ඇති බවයි වාර්තා වුණේ.
ඒ අතරවාරයේ වතුර වළක වැටී දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාට අව් ආවරණයක් ඉදිකර එම සත්වයා අව් රශ්මියෙන් ආරක්ෂා කිරීමට ද එම භටපිරිස් කටයුතු කර තිබුණා.
මීට අමතරව වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුළට වැටීම වැළක්වීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.
මේ අතර මේ වනවිට එම ස්ථානයට පැමිණ සිටින වනජීවී නිලධාරීන් හා සම්බන්ධ වී ඇති යුද හමුදා භටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටිනවා.
මේ අතර භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ (04) එම සත්වයා රැඳී සිටින නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.
එහිදී අමාත්‍යවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් ඇතාගේ රැකවරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසයි.