Update – භාතියගේ දිවි රැකගන්න මෙහෙයුමට කාටත් කලින් පෙරමුණ ගත් හමුදා විරුවෝ (ඡායාරූප)

මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය ඇතාගේ ජීවිත ආරක්ෂාව සැලසීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් යුද හමුදාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව යුද හමුදාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 09 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් විසින් වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් ඇතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටයුතු කරන ඇති බවයි වාර්තා වුණේ.

ඒ අතරවාරයේ වතුර වළක වැටී දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාට අව් ආවරණයක් ඉදිකර එම සත්වයා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කිරීමට ද එම භටපිරිස් කටයුතු කර තිබුණා.

මීට අමතරව වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුළට වැටීම වැළක්වීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර මේ වනවිට එම ස්ථානයට පැමිණ සිටින වනජීවී නිලධාරීන් හා සම්බන්ධ වී ඇති යුද හමුදා භටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටිනවා.

මේ අතර භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ (04) එම සත්වයා රැඳී සිටින නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.

එහිදී අමාත්‍යවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් ඇතාගේ රැකවරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසයි.

WhatsApp Image 2025 07 05 at 4.18.24 PM 1
WhatsApp Image 2025 07 05 at 4.18.24 PM
WhatsApp Image 2025 07 05 at 4.18.23 PM 1
WhatsApp Image 2025 07 05 at 4.18.23 PM
WhatsApp Image 2025 07 05 at 4.18.22 PM
  1. කෑම නම් දැන් ගොඩක් කන්න බෑ..කකුලෙන් විශබීජ මොලේට,,සහ ඇඟ පුරාම දුවලා ඉවරයි. IV INJECTION මාර්ගයෙන් Antibiotics දිගටම දෙන්න තිබුනේ.මොනා කරන්නත් සතා වතුරෙන් ගොඩට ගන්න තිබුනා…සතා කැලේ ඇවිදිමින් සිටි කාලේ නිර්වින්දනය කර අල්ලා ගැට ගසා ප්‍රතිකාර දිගටම කලා නම් මේ වෙනකොට ගොඩක් සුව අතට ගන්න තිබ්බා.. දැන් septic,,coma තත්වයේ ඉන්නේ ..කෑම වගේම IV fluids දෙන්න ඕනෙ.සතා ගොඩක්දුර්වලයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54