Update – කාන්තාවකගේ හිසකෙස් කැපීමේ සිද්ධියේ සැකකාරියන් රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ දී කාන්තාවකට හිංසා කරමින් ඇගේ හිසකෙස් කැපීමට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් 05 දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරියන් අද (18) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 27, 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාගම, රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීනවරාය යන ප්‍රදේශවල ප්‍රදේශයේ පදිංචිකාරියන් පිරිසක්.

රාගම ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ සොරාගත් බව කියන කාන්තාවකට එම වෙළඳසැලේ සේවිකාවන් පිරිසක් ඇයට හිංසා කරමින් ඇයගේ හිසකෙස් කපන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (17) දිනයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ, පිළිබඳව අවදානය යොමුවූ පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් ඊයේ (17) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

රාගම පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම පසුගිය 07 වනදා සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
6
+1
127
+1
4
+1
6
+1
5
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34