කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු බවට තොරතුරු වාර්තා වනවා.
නමින් ඔහු සමීර මනහර බවටයි පොලිසිය සඳහන් කළේ.
කඳාන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට දී අද (03) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු වුණා.
මෙම වෙඩි තැබීම උදෑසන 10ට පමණ සිදු වූ අතර, වෙඩිල්ල ඉලක්ක වී තිබුණේ, වෙළෙඳ සංකීර්ණය අසල නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනකු බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
4
+1
+1
1