Empty Ad
AFC Banner
Empty Ad

“Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරුණා.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව යි මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ.

ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගනු ලැබූ අතර ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමට ද එක් වුණා.

1919- 1972 දක්වා නිදහසේ සටන සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන පිළිබිඹුවන පුවත්පත්වල මුල් පිටු එකතුව “නිදහසේ මුල්පිටු” ප්‍රකාශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වනු ලැබුවා.

යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් නැවත මුද්‍රණය කළ දුර්ලභ ග්‍රන්ථ හතරක් වන A Gazetteer of the Central Province of Ceylon, volume I & II, The Geology of sri lanka, Sigiri Graffiti volume II සහ මහා වංශය ප්‍රථම භාගය සහ ද්වීතික භාගය ග්‍රන්ථ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය විසිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ.

උරුමයක අරුමය කැලණි විහාර බිතුසිතුවම් ග්‍රන්ථ කට්ටලය, පුරාතන ලංකාවේ බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමා ග්‍රන්ථය, බුද්ධත්වයෙන් පසු සත්සතිය මහනුවර යුගයේ බිතුසිතුවම් ඇසුරෙන් ග්‍රන්ථය, Ancient Ceylon Volume 26, Roots of Sri Lankan arts, History of the kingdom of Rohana ග්‍රන්ථ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Path to Freedom ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?