“Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරුණා.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව යි මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ.

ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගනු ලැබූ අතර ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමට ද එක් වුණා.

1919- 1972 දක්වා නිදහසේ සටන සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන පිළිබිඹුවන පුවත්පත්වල මුල් පිටු එකතුව “නිදහසේ මුල්පිටු” ප්‍රකාශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වනු ලැබුවා.

යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් නැවත මුද්‍රණය කළ දුර්ලභ ග්‍රන්ථ හතරක් වන A Gazetteer of the Central Province of Ceylon, volume I & II, The Geology of sri lanka, Sigiri Graffiti volume II සහ මහා වංශය ප්‍රථම භාගය සහ ද්වීතික භාගය ග්‍රන්ථ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය විසිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ.

උරුමයක අරුමය කැලණි විහාර බිතුසිතුවම් ග්‍රන්ථ කට්ටලය, පුරාතන ලංකාවේ බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමා ග්‍රන්ථය, බුද්ධත්වයෙන් පසු සත්සතිය මහනුවර යුගයේ බිතුසිතුවම් ඇසුරෙන් ග්‍රන්ථය, Ancient Ceylon Volume 26, Roots of Sri Lankan arts, History of the kingdom of Rohana ග්‍රන්ථ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Path to Freedom ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45