NSBM හරිත සරසවියේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය ඇරඹේ (ඡායාරූප)

මෙරට ප්‍රමුතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය ඊයේ (09) හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණා.

මෙම උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයක් සිය උපාධි ලබාගැනීමට නියමිතයි.

උත්සවය උපාධි ප්‍රධානය කරන විශ්වවිද්‍යාල සහ ප්‍රධාන විෂය ධාරාවන් අනුව වෙන්කරන ලද ප්‍රධාන සැසි 09 ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහි ආරම්භක දිනය වන ඊයේ (09) දිනයේ ප්‍රධාන සැසි 03ක් පැවති අතර එහිදී NSBM හරිත සරසවියේ ව්‍යාපාර පීඨය සහ පරිගණක පීඨය යටතේ NSBM හරිත සරසවිය මඟින් පිරිනම උපාධි මෙන්ම අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලය අනුබද්ධව පිරිනමන උපාධි පාඨමාලා හැදෑරු සිසුන් සිය උපාධි ලබා ගත්තා.

පළමු දිනයේ සෑම උපාධි ප්‍රධාන සැසියක් සම්භාවනීය අමුත්තකුගේ සහභාගීත්වයෙන් ආලෝකමත් වූ අතර, එහිදී ආරාධිත අමුත්තන් විසින් උපාධිධාරීන් අමතා වටිනා දේශනයක් ද පවත්වනු ලැබුවා.

උපාධි ප්‍රදානෝත්සවයේ පළමු දිනයේ ආරාධිත අමුත්තන් ලෙස ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා සහ ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහභාගී වුණා.

එමෙන්ම මෙම අවස්ථාවට NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක, අධ්‍යයන සංවර්ධන හා තත්ත්ව සහතික අංශයේ ප්‍රධානී මහාචාර්ය ජේ. භරත දොඩංකොටුව, පීඨාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනෙකුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ උපාධිධාරීන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියා.

දෙසැම්බර් 11 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත මෙම උපාධි උපාධි ප්‍රදානෝත්සව සතියේ ඉදිරි දිනයන්ගේදී NSBM හා අනුබද්ධ අනෙකුත් විදේශ උසස් අධ්‍යාපන ආයතන වන එංගලන්තයේ ප්ලිමත් සරසවිය (University of Plymouth, UK) සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සරසවිය (Victoria University, Australia), මෙන්ම NSBM හරිත සරසවිය මඟින් පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් හැදෑරු සිසුන් හට උපාධි සහතික පත් පිරිනැමීම සිදු කරනු ලබනවා.

ඒ සඳහා කීර්තිමත් විද්වතුන්, විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් සහ අනුබද්ධිත විශ්වවිද්‍යාලයන්ගේ නියෝජිතයන් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතයි.

  1. හරිම සතුටුයි… 🌹🌹🌹 වයිද්‍ය පීඨය ආරම්භ කරන්නේ කවදාද කියලා මා බලන් ඉන්නේ මගේ දුව මෙම පීඨයට ඇතුලත් කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46