MCC සාමාජිකයෙක් අනතුරට ලක් කළ කමිඳුගේ දැවැන්ත හය

එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ ගැලවුම්කරුවා බවට මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් පත් වුණා.

එහිදී හුදෙකලා ඉනිම ක්‍රීඩා කළ කමිඳු පන්දු 120කට මුහුණ දෙමින් ලකුණු 74ක් රැස් කළා.

ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වුණා.

මේ අතර කමිඳුගේ ඉනිමේ දී ඔහු එල්ල කළ හයේ පහරක් ලෝඩ්ස් ප්‍රේක්ෂකාගාරයේ තරගය නරඹමින් සිටි ප්‍රේක්ෂකයෙකුගේ හිසේ වැදීමෙන් එම ප්‍රේක්ෂකයය අනතුරකට ලක්වූ ආකාරය දැකගත හැකි වුණා.

ලෝඩ්ස් ප්‍රේක්ෂකාගාරයේ සිට තරගය නරඹමින් සිටි MCC (මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ) සාමාජිකකයෙකු පන්දුව වැදීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එහිදී MCC සාමාජිකයා පන්දුව අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් එය ඔහුගේ දෑතින් ගිලිහී ගොස් පන්දුව ඔහුගේ හිසට වැදී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවූ බවයි පසුව වාර්තා වුණේ.

මේ අතර තරගයේ විවේකයෙන් පසු කමිඳු එම ප්‍රේක්ෂකයා මුණගැසී ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට ද කටයුතු කර තිබෙනවා.

ඔහු හොඳින් සිටින බව සහතික කිරීමත් සමඟ කමිඳු ඒ සම්බන්ධයෙන් සිය සතුට පළකර ඇති බවයි ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙන් වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23