2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 16 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 350 දෙනෙකු සඳහා මිල ගණන් ඉදිරිපත් කෙරෙනවා.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා අයදුම්කළ ක්‍රීඩකයින්ගෙන් 1,005 දෙනෙකු ඉවත්කර අවසන් 350 දෙනා මෙලෙස තෝරාගෙන තිබෙනවා.
මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට තවත් ශ්‍රී ලංකික ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට එක්වීමට අවසන් මොහොතේ අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ, අනුව ට්‍රැවීන් මැතිව්, බිනුර ප්‍රනාන්දු, කුසල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින්ට වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි 02ක උපරිම මූලික මිලට ඇතුළත් වන ක්‍රීඩකයින් 46 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්ව සිටිනවා.
දඟ පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මිට පෙර චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ක්‍රීඩකයින් වනවා.





