IPL වෙන්දේසියට අවසන් මොහොතේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නම් හතරක්

2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 16 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 350 දෙනෙකු සඳහා මිල ගණන් ඉදිරිපත් කෙරෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා අයදුම්කළ ක්‍රීඩකයින්ගෙන් 1,005 දෙනෙකු ඉවත්කර අවසන් 350 දෙනා මෙලෙස තෝරාගෙන තිබෙනවා.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට තවත් ශ්‍රී ලංකික ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට එක්වීමට අවසන් මොහොතේ අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ, අනුව ට්‍රැවීන් මැතිව්, බිනුර ප්‍රනාන්දු, කුසල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින්ට වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි 02ක උපරිම මූලික මිලට ඇතුළත් වන ක්‍රීඩකයින් 46 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්ව සිටිනවා.

දඟ පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මිට පෙර චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ක්‍රීඩකයින් වනවා.

  1. මතීශ කියන්නේ සල්ලි පෙන්නුවොත් බඩගාන යකෙක්.
    ඌ රටටගහනකොට කරන්නෙම අනිත් ටීම් එක දිනවනඑක
    දිනවනඑක
    වයිඩ් මාරයා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08