ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ සිනොපෙක් සමාගම් ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමුවා.
ඒ, අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04 කින් ඉහළ දැමූ අතර, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමනු ලැබුවා.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 281ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 329ක් ලෙසත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293ක් ලෙසත් දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
+1
+1
+1



