හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව්වලින් ගාස්තු අයකරන්න අනුමැතිය හිමිවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා ගාස්තු පැනවීමේ සැලසුමට අනුමැතිය හිමිව තිබෙනවා.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ඉරානයේ පාර්ලිමේන්තු කමිටුවක් මෙම අනුමැතිය ලබා දී ඇති බවයි.

ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙකු සැලැස්ම අනුමත කිරීම තහවුරු කර ඇති බව වාර්තා වන අතර, එමඟින් එක්සත් ජනපද සහ ඊශ්‍රායල නැව් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කර තිබෙනවා.

ඊට අමතරව ඉරානයට එරෙහි සම්බාධක පනවා ඇති රටවල නෞකාවලට ද මෙම තහනම පනවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නෞකාවලට අයකරන නව ගාස්තු ක්‍රමය ඉරාන රාජ්‍ය රූපවාහිනියේ නිවේදනය කළ බව AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ඉරානය, ඕමානය සමඟ සහයෝගයෙන් මෙම ගාස්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත්තේ.

ලෝකයේ බොරතෙල් වලින් 20%ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා අතර, යුද්ධය ආරම්භ වූ දා සිට එම මාර්ග ඔස්සේ බොරතෙල් ප්‍රවාහනය සියයට 95 කින් පමණ පහත වැටී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25