හෝමුස් නිල වශයෙන් වසා දමනවා, යාත්‍රා කළොත් දැඩි පියවර – ඉරානය කියයි

ලොව බලශක්ති සැපයුමේ ප්‍රධානතම සංධිස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දැමූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනයකර තිබෙනවා.

ඒ අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට උත්සහ දරන ඕනෑම නෞකාවකට එරෙහිව දැඩි පියවර ගන්නා බවටද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.

අද දිනයේ දී ද බහාලුම් නැව් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර ඉරානය විසින් එය නවතා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.