හෝමූස් මැද්දෙන් ගිය පාකිස්තාන නෞකාව හරවා යැවූ හේතුව ඉරානය පහදයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබෙනවා

අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිව සිය ජල තීරය හරහා ගමන්කිරිමට උත්සාහ දැරූ බව පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නෙ.

‘සෙලන්’ ලෙසින් හැඳින්වෙන අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා සිට කරච්චි දෙසට යාත්‍රාකරමින් සිට තිබෙනවා.

නෞකාව සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ ‘X’ අවකාශයේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි පවසා ඇත්තේ, තම නීතිවලට අනුකූල නොවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැතිකම හේතුවෙන් අදාළ නෞකාව ආපසු හරවා යැවූ බවයි .

“මෙම ජල මාර්ගය හරහා ඕනෑම යාත්‍රාවකට ගමන් කිරීමට නම් ඉරානයේ සමුද්‍රීය අධිකාරිය සමග පූර්ණ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. ඉරාන ප්‍රදානීන්ගේ අවසරයක් නොමැති කිසිදු යාත්‍රාවකට හෝමූස් පසුකර යා නොහැකිය.

‘සතුරු නොවන’ යාත්‍රාවලට ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කර (ඇතැම් අවස්ථාවල ඒ සඳහා ගෙවීමෙන්) සිය ජල තීරණය භාවිතා කළ හැකියි.

නමුත් සතුරන් සමග සබඳතා පවත්වන යාත්‍රාවලට ජල තීරය තරණය කිරීම තහනම්” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

  1. හෝමුස් සමුද්‍ර සන්ධිය මුස්ලිම් ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට මානුෂීය මෙහෙයුම ට ලොව සියලුම රටවල් ක්‍රියාත්මක විය යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14