මීගමුව නගරයේ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතර තුර වෙඩි තැබීමක්

මීගමුව නගරයේ අද (30) පෙරවරුවේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී උපාය දූතයෙකු යොදවා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙන් දෙදෙනෙක් මීගමුව නගරයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිරි පිටට ගෙනවාගෙන තිබෙනවා.

එලෙස පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් විසින්, ඔවුන් පැමිණි වාහනයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අනතුරට ලක්කර පලායාමට උත්සාහකර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ පොලිසිය විසින් එම වහනයට වෙඩි තැබීමක් සිදුකර ජාවාරම්කරුවන් පාලනය කර අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මතුගම සහ බඩල්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසියට සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම අතර තුර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42