ඩුබායි වරායේ නැංගුරම්ලා තිබූ කුවේට් ඉන්ධන නැවකට ප්‍රහාරයක්

එක්සත් අරාබිය එමීර් රාජ්‍යයේ ඩුබායි වරායේ නැංගුරම්ලා තිබූ කුවේට් රාජ්‍යයට අයත් දැවැන්ත ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් නෞකාව ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ “අල් සල්මි” නෞකාව තුළ සම්පූර්ණයෙන්ම ඉන්ධන ගබඩා කර තිබූ බව විදෙස් වාර්තා පවසනවා.

එම අවස්ථාවේ දී නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම මේ වනවිට ආරක්ෂිතව පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම ප්‍රහාරයත් සමඟ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණ ද, මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි බ්‍රිතාන්‍ය සමුද්‍රීය නිරීක්ෂණ සංවිධානය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44