ILT20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 12ක්

ජාත්‍යන්තර ලීග් විස්සයි20 (ILT20) තරඟාවලියට මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් හයකින් සමන්විත තරගාවලිය ලබන 13 වනදා සිට පෙබරවාරි 12 දක්වා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

තරඟ 34 කින් සමන්විත මෙම තරඟාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි පැවැත් වෙන්නේ.

ඩුබායි කැපිටල්, අබුඩාබි නයිට් රයිඩර්ස්, ඩෙසර්ට් වයිපර්ස්, එම්.අයි. එමිරේට්ස්, සාජා වොරියර්ස් සහ ගල්ෆ් ජයන්ට්ස් යන කණ්ඩායම් 6 තරඟාවලිය නියෝජනය කරනවා.

කණ්ඩායම් හයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගෙන ඇත්තේ කණ්ඩායම් තුනක් පමණයි.

ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකු අයත් වන අතර එහි හිමිකාරීත්වය දරනු ලබන්නේ IPL තරඟාවලියේ දිල්ලි කැපිටල්ස් හි හිමිකරුවන් වන GMR ස්පෝර්ට්ස් විසින්.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නයිට් රයිඩර්ස් කණ්ඩායමට අයත් අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හතර දෙනෙකු සිටිනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන් වන Glazers Family-backed franchise විසින් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරණ අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එම සංචිතයට අයත්.

මෙම ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනාගෙන්, 2022 වසරේ 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රවීන් මැතිව් ද වනවා.

ILT20 සඳහා තෝරා ගත් ශ්‍රී ලාංකිකයන් පහත දැක්වෙනවා.

ඩුබායි කැපිටල්ස් – දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න

අබුඩාබි නයිට් රයිඩර්ස් – චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්

ඩෙසර්ට් වයිපර්ස් – වනිඳු හසරංග, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?