ILT20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 12ක්

ජාත්‍යන්තර ලීග් විස්සයි20 (ILT20) තරඟාවලියට මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් හයකින් සමන්විත තරගාවලිය ලබන 13 වනදා සිට පෙබරවාරි 12 දක්වා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

තරඟ 34 කින් සමන්විත මෙම තරඟාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි පැවැත් වෙන්නේ.

ඩුබායි කැපිටල්, අබුඩාබි නයිට් රයිඩර්ස්, ඩෙසර්ට් වයිපර්ස්, එම්.අයි. එමිරේට්ස්, සාජා වොරියර්ස් සහ ගල්ෆ් ජයන්ට්ස් යන කණ්ඩායම් 6 තරඟාවලිය නියෝජනය කරනවා.

කණ්ඩායම් හයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගෙන ඇත්තේ කණ්ඩායම් තුනක් පමණයි.

ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකු අයත් වන අතර එහි හිමිකාරීත්වය දරනු ලබන්නේ IPL තරඟාවලියේ දිල්ලි කැපිටල්ස් හි හිමිකරුවන් වන GMR ස්පෝර්ට්ස් විසින්.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නයිට් රයිඩර්ස් කණ්ඩායමට අයත් අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හතර දෙනෙකු සිටිනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන් වන Glazers Family-backed franchise විසින් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරණ අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එම සංචිතයට අයත්.

මෙම ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනාගෙන්, 2022 වසරේ 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රවීන් මැතිව් ද වනවා.

ILT20 සඳහා තෝරා ගත් ශ්‍රී ලාංකිකයන් පහත දැක්වෙනවා.

ඩුබායි කැපිටල්ස් – දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න

අබුඩාබි නයිට් රයිඩර්ස් – චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්

ඩෙසර්ට් වයිපර්ස් – වනිඳු හසරංග, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19