ඇමෙරිකානු මධ්‍යම විමර්ශණ කාර්යාංශයේ (FBI) නිලධාරීන් කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මාර්ගගත වංචා මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර අපරාධ ජාල පිළිබඳ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමඟින් මෙම කණ්ඩායම සහාය වනු ඇති බවටත් එම නිවේදනයේ සඳහන් වෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන FBI හි Charlotte (චාලට්) කාර්යාල නිලධාරීන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිත අතර, ඔවුන් ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යාව, තාක්ෂණික විමර්ශන සහ නඩු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ සහාය ද ලබාදීමට නියමිත බවටත් වාර්තාවෙනවා.
වංචාවට ගොදුරු වූවන් හඳුනා ගැනීම සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ගැනීම මෙම සහයෝගීතාවයේ මූලික අරමුණු වනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම මෙහෙයුම FBI සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර දිගුකාලීන සහයෝගීතාවයක ආරම්භය සනිටුහන් කරන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
