AFC Banner
Empty Ad
Empty Ad

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව්

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව් සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

” COVID -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතින පසුබිම තුළ ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතාමත්ම වැදගත් වනවා.

විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකෙනවා. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්වයක් නොවේ.

යම්කිසි කෙනෙක් නිවෙස් ගත COVID-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි.

ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනවා ඇති.

එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කරගන්න පුළුවන්.

මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයට සෑම පැය 2 කට වරක් ම
⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)
⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,
⦾ විනාඩි 20-30 වාඩි වී ද,
⦾ විනාඩි 20-30 වම් ඇලයට ද ,
ස්ථානගත වීමෙන් මෙම අපහසුතාවය අවම කරගැනීමට පුළුවන්.

මෙය ලොව පුරා COVID – 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට භාවිතා වන එක් සරළ උපක්‍රමයක්.

එහෙත් මෙහිදී තදින් ම අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස් වලට අනුකූලව රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතා වලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා දැමීමයි.”

2241 02 S 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?