දුම්රිය දැඩි අලාභයක් ලබයි

දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දිනකට කෝටි 10කට වැඩි අධික අලාභයක් ලබමින් ඇති බවත්, 2021 වසරේ දී එහි ආදායම රුපියල් කෝටි 260ක් වූ අතර අලාභය රුපියල් කෝටි 3,700ක් වූ බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම වසරේදී රුපියල් කෝටි 260ක ආදායමක් ලබන විට සේවක වැටුප් හා වේතන ලෙස රුපියල් කෝටි 780ක් සහලා. අතිකාල දීමනා ලෙස කෝටි 230ක් ගෙවන්නට සිදුව ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

කාලයක් තිස්සේ වියදම් වැඩිවීමට සාපේක්‍ෂව ආදායම් නොලැබීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශ්මිත ප්‍රමාණයේ අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා  දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කෝටි 4,000ක පමණ අලාභයක් ලබන බව සඳහන් කළේය.

ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතත් එය බස් ගාස්තුවලට සාපේක්‍ෂව සියයට 50කින් පමණ අඩු ගාස්තුවක් බවත්, දුම්රිය ස්ථානාධිපතිවරුන් එය අයකරන්නට බෑ කියමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම වරදක් බවත්, එදින වූ පාඩුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් තමාට ද දෝෂාරෝපණ එල්ල වූ බවත් පැවසීය.ඉන්ධන මිල රුපියල් 121 සිට 400 දක්වා වැඩිවන විට සියලු ප්‍රවාහන ගාස්තු වැඩිවූ බව කී ඇමතිවරයා දුම්රිය ගාස්තු පමණක් වැඩි නොකර පවත්වාගෙන යා නොහැකි බවත්, ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැතිවුවහොත් සේවකයන් හිටියත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත් කීවේය.

ඉන්ධන මිල රුපියල් 121 සිට 400 දක්වා වැඩිවන විට සියලු ප්‍රවාහන ගාස්තු වැඩිවූ බව කී ඇමතිවරයා දුම්රිය ගාස්තු පමණක් වැඩි නොකර පවත්වාගෙන යා නොහැකි බවත්, ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැතිවුවහොත් සේවකයන් හිටියත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත් කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43