කඳුළු ගෑස් වෙඩි උණ්ඩ හෙට උද්ඝෝෂණයට එපා

රජයට එරෙහිව හෙට (9 )  උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැලීම සඳහා කොළඹට පැමිණීමට නියමිත ජනතාව මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් ජනතාව දෙසට තුවක්කු එල්ල කිරීමත් කිසිවිටක සිදු නොකරන ලෙස තමා පොලිසියෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

විශාල ජනතාවක් රැඳී සිටින මෙවැනි අවස්ථාවක මෙවැනි දේ සිදු කිරීම නිසා කලබලයට පත්වන ජනතාව දිවයෑමෙන් විශාල පිරිසක් පෑගී මියයෑමට පවා ඉඩ ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

එවන් තත්ත්වයක් ඇතිවුවහොත් පසුගියදා මෙන් රට තුළ නැවතත් ‘ගිණිකෙළි’ තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු හඟවා සිටි සරත් ෆොන්සේකා මහතා මේ පිළිබඳව හොඳින් සිතා බලා තීන්දු තීරණ ගන්නා ලෙසද රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම හෙට (9දා) පැවැත්වීමට නියමිත රජයට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරය සියයට දාහකින් සාර්ථක වේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බවද ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?