මුලටියන කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ මාකදුර ප්‍රදේශයේදි මාර්ගය අයිනේ රැදිසිටි පියෙකු හා දියණියක් වෑන් රථයක ගැටිමෙන් පියා මිය ගොස් අවුරුදු 3ක් වයසැති දියණිය බරපතල තුවලා ලබා කරාපිටිය රෝහල වෙත ඇතුලත් කොට ඇතැයි මාවරල පොලීසය පවසයි.
ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මාකඳුර බැරගම උතුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු තම අවුරුදු තුනේ දියණියද වඩා ගෙන තම නිවස ඉදිරිපිට පිහිටි මාර්ගයේ රැදි සිට ඇති අතර එම අවස්ථාවේ මුලටියන දෙස සිට මාතර දෙසට අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් මෙම දෙදෙනාද අනතුර පත් කරමින් මාර්ගය අයිනේ නවතා තිබු කුඩා ලොරි රථයකද ගැටි නතර වි ඇත.
වෑන් රථය බෙංගමුව ප්‍රදේශයේ මංගල සාදයකට ගොස් පැමිණෙමින් සිට ඇති බවත් අනතුර සිදු වන අවස්ථාවේ එම වෑන් රථය පැදවුයේ යැයි ඉදිරිපත් වු රියදුරාගෙන් මත්පැන් ගඳ වහනය වෙමින් පැවති බවත් මාවරල පොලීසිය කියා සිටි.
අනතුර සිදු විමෙන් අනතුරු පියා හා දියණිය ප්‍රදේශවාසින්ගේ මැදිහත් විමෙන් කඹුරුපිටිය මුලික රෝහලට ඇතුලත් කල බවත් බරපතල තත්වයේ පසුවු දියණිය කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවු බවත් පෙලීසිය සඳහන් කරයි.
මාවරල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පවත්වයි





