ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ඔස්ට්‍රේලියා කණ්ඩාම සමග පැවති 3වන 20-20 තරගය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රාහණය කරණු ලැබුවා. එම ජයග්‍රාහණය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඊයේ සවස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති විස්සයි විස්ස සීමිත ඕවර තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ තියුණු දස්කම් සහ අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අපගේ ක්‍රිකට් කණ්ඩායමට පළමුව සුබ පැතුම් එක්කරමි.

එය සැබවින් ම විස්මජනක නිමාවක් සනිටුහන් කළ, විශිෂ්ට ගණයේ දක්ෂතාවන් පිළිඹිබු කළ අවස්ථාවක් විය.

මා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක අත්දැකීමක් ලබා දුන් අප ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ එම කණ්ඩායමට මාගේ හදපිරි ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?