අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පක්ෂ නායකයන්ට ලබාදීමට නියමිත යි.ඒ අනුව එළැඹෙන 27 වැනි දින ඒ පිළිබඳ සාකච්ඡා කරන බව යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කළ විශේෂ ප්‍රකාශය පහතින්.

“අද ව්‍යස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව කොමිටිය රැස්වුණා. විජයදාස රාජපක්ෂ ඇමතිතුමාගේ කෙටුම්පත සාකච්ඡා කරලා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න තීරණය කළා. හැන්දෑවරුවේ කැබිනට් මණ්ඩලයේදී මේ කෙටුම්පත සාකච්ඡා කරලා මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනාටම ලබාදීලා ඒ අය එක්ක සාකච්ඡා කරලා ඊට පසුව කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න කියලා අපිට දැනුම්දුන්නා. මේ අනුව විජයදාස රාජපක්ෂ ඇමතිතුමා මේ 21 වන සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ලබා දෙනවා. ඊට පසුව සිකුරාදා රැස්වෙලා ඒ අදහස් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.” 

“අපි බලන්නේ සීඝ්‍රයෙන් මේ සංශෝධනය පළමුවෙන්ම ගැසට් නිවේදනය පළකරලා ඊට පස්සේ වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවස්ථාව දීලා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වහාම සියලුදෙනාගේම සහයෝගය ඇතුව මේ සංශෝධනය සම්මත කරගන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?