අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පක්ෂ නායකයන්ට ලබාදීමට නියමිත යි.ඒ අනුව එළැඹෙන 27 වැනි දින ඒ පිළිබඳ සාකච්ඡා කරන බව යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කළ විශේෂ ප්‍රකාශය පහතින්.

“අද ව්‍යස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව කොමිටිය රැස්වුණා. විජයදාස රාජපක්ෂ ඇමතිතුමාගේ කෙටුම්පත සාකච්ඡා කරලා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න තීරණය කළා. හැන්දෑවරුවේ කැබිනට් මණ්ඩලයේදී මේ කෙටුම්පත සාකච්ඡා කරලා මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනාටම ලබාදීලා ඒ අය එක්ක සාකච්ඡා කරලා ඊට පසුව කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න කියලා අපිට දැනුම්දුන්නා. මේ අනුව විජයදාස රාජපක්ෂ ඇමතිතුමා මේ 21 වන සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ලබා දෙනවා. ඊට පසුව සිකුරාදා රැස්වෙලා ඒ අදහස් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.” 

“අපි බලන්නේ සීඝ්‍රයෙන් මේ සංශෝධනය පළමුවෙන්ම ගැසට් නිවේදනය පළකරලා ඊට පස්සේ වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවස්ථාව දීලා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වහාම සියලුදෙනාගේම සහයෝගය ඇතුව මේ සංශෝධනය සම්මත කරගන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !