පාකිස්ථානයේ සත්කාරක සාමාජිකත්වයෙන් ශ්රී ලංකාව සහ එංගලන්තය සමඟ අනිද්දා දිනයේ දී ආරම්භ වීමට නියමිත එක්දින තුන්කොන් තරගාවලියෙන් ශ්රී ලංකා නිත්ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඉවත්කොට තිබෙනවා.
පැවති ආබාධ තත්ත්වය හේතුවෙන් පාකිස්ථානය සමඟ අවසන් වූ විස්සයි විස්ස තරගාවලිය සඳහා ද පැතුම්ව සහභාගී නොකරගත් අතර, එම ආබාධ තත්ත්වය තවදුරටත් සුව නොවීම හේතුවෙන් පැතුම්ව එක්දින සංචිතයෙන් ද ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව පැවසෙනවා.
ඒ අනුව, පැතුම්ගෙන් පුරප්පාඩු වන ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තනතුර සඳහා ලහිරු උදාර යොදා ගැනීමට නියමිතයි.
තරගාවලිය ලබන 18 වැනිදා පාකිස්ථානය සහ ශ්රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වනවා.










