අධිකරණය මඟින් ලබාදෙන තීරණවලට යටත්වන බවත්, ඉන් ඉදිරියට කවුරුවත් තමාගෙන් හෝ ආණ්ඩුවෙන් තීරණ බලාපොරොත්තු නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජනබලවේගය සංවිධානය කර තිබූ බදුල්ල කාන්තා සමුළුවට අද (18) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහි දී අදහස් දක්වමින් ජනධිපතිවරයා සඳහන් කළේ අධිකරණට පද්ධතිය විසින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබද නිවැරදි තීරණය බවයි.
“අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබා දෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබද නිවැරදි තීරණ ලෙස අපි සලකනවා. සලකන්නේ නැති අයට කෑගහන්න පුළුවන්. අපි සලකනවා අවසානයේ දී ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නිගමනයන්ට තමයි අපි යටත් වෙන්නේ. අධිකරණයෙන් ලබා දීලා තිබෙන තීරණයන්ට අපි යටත් වෙනවා. එතැනින් එහාට කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.”
මේ අතර, පැරණි ජාතිවාදී පිල්ලි මේ වනවිට මතුවීමට පටන් ගෙන ඇති බව සඳහන් කළ ජනධිපතිවරයා එවැනි පිල්ලිවලට හිස එසවීමට කිසිසේත්ම අවස්ථාව ලබා නොදෙන බවයි අවධාරණය කළේ.










