සිරගත හිමිනමක් පිටතට රැගෙන යාමේදී සිවුර පැළද සිටීමට අවසරය හිමිවෙයි

බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දෙනු ලැබුවා.

ඒ අනුව එම කමිටුවේ අතුරු වාර්තාව අනුව සිරගත වූ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී චීවරය පැළඳ සිටීමට අවසරය හිමි වන පරිදි බන්ධාගාර නිත්‍ය නියෝග 550 යටතේ නව නියෝගයක් හඳුන්වා දීමට නිර්දේශ කර තිබෙනවා.

අදාළ භික්ෂූන් වහන්සේ නම අයත් නිකාය හෝ පාර්ශවය විසින්, එසේ නොකරන ලෙසට දැනුම්දෙනතුරු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී චීවරය පැළඳ සිටීමට අවසරය හිමි වනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (14) අධිකරණ අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළා .