අග්බෝ ඇතා සෙවීමට විශේෂ මෙහෙයුමක් – හමුදා කණ්ඩායමක් යොදවයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම මෙහෙයුම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත හමුදා කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.

අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, මෙම මෙහෙයුම අරඹා ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ 30 දෙනෙකුගෙන් පමණ සමන්විත හමුදා කණ්ඩායමක් අද (18) දහවල් කාලයේ තිරප්පනේ ප්‍රදේශයෙන් මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47