ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

 මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතිද?

නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අප වෙත දැනුම් දී ඇති පරිදි එළිමහනේ දී මුව ආවරණ පැළදීම තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවන බව දන්වා තිබේ. අමාත්‍යවරයාගේ මෙම නිවේදනයෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ද මෙම කරුණ සනාථ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අපට හැඟෙන පරිදි මෙය පෙරට ගත් අඩිය පසුපසට ගැනීමක් වැනි දෙයකි. තනි පුද්ගලයන් ලෙස ගමන් කිරීමේදී මුව ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවුනද සමූහයක් ගැවසෙන ස්ථානවලදී කොරෝනා රෝගය වැළඳීමේ හැකියාව තවමත් සම්පූර්ණයෙන් ඉවත් වී නැති බව අපගේ හැඟීමයි.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව අප පිළිගන්නා නමුදු නව කොරෝනා ප්‍රභේද (Omicron BA.4 BA5) දැනුදු ලෝකයේ අනික් රටවල සංසරණය වෙමින් පවතින බැවින් එම ප්‍රභේද අප රට තුළ පැතිර යාමේ කුඩා හෝ අවදානමක් ඇත.එම නිසා මේ අවස්ථාවේදී රට තුළ ඇති නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්,රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ මූලිකම අවියක් වන මුව ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව පැවසීමෙන් රෝගය  පැතිරී යාම වැළැක්වීමට මෙතෙක් ගත් පියවර බාල්දු කිරීමක් ලෙස අපි දකිමු. එමෙන්ම මේ දිනවල මහජන ඒකරාශි වීම් වැඩි වීම, නොයෙක් ඖෂධ වර්ග සහ රෝග නිර්ණය සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල අවශ්‍ය ප්‍රමාණයට සැපයීමේ නොහැකියාවට ද අපි මුහුණ දී සිටිමු.

යම් හෙයකින් කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් සිදු වුවහොත් මෙම ඖෂධ හිඟය සහ අනෙකුත් අප ඉහත සඳහන් කළ කාරණා නිසා දැනට රට තුළ ඇති ව්‍යාකූල තත්වය තවත් වැඩිවීම නොවැළැක්විය හැකි වන අතර එමගින් අප වැටී ඇති ආර්ථික අර්බුදයද තවත් බරපතළ වනු නොඅනුමානය.

එම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම පොදු මහජනතාව එක්රැස් වන තැන්වලදී මුහුණු ආවරණ පැලදීම අත්‍යවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු අතර තමන් කොරෝනා රෝගීන් බවට පත් නොවීමට මහ ජනතාවට නැවත උපදෙස් ලබා දිය යුතු බවය.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25