සහල්වලට පාලන මිලක් ?

සහල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස තමන් අද කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, දඹුල්ල ප්‍රදේශයේ රුපියල් 145කට අලෙවි වූ නාඩු සහල් කිලෝව රුපියල් 190ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ. එසේම එම ප්‍රදේශයේම රුපියල් 125කට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝව රුපියල් 160 දක්වාත් සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 180 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ජනතාව දෛනිකව මිල දී ගන්නා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යමින් පවතින බව වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවා. ඒ අනුව මේ වන විට පරිප්පු, සීනි, බිත්තර හා කුකුළු මස් වල මිල පවතින්නේ ඉහළ අගයකයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සතිපතා නිකුත් කරන වාර්තාවේ සඳහන්ව ඇත්තේ දිවයිනේ ඇතැම් ස්ථානවල රතු පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි. මහ බැංකු වාර්තාව අනුව පසුගිය 16 වන දා වන විට කොළඹ ආශ්‍රිතව සුදු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 185කට ආසන්න මිලකින්.

එහෙත් අද වන විට සුදු සීනි කිලෝවක මිල රුපියල් 190ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන්. එසේම බිත්තරයක සිල්ලර මිල ද රුපියල් 28 සිට 32 දක්වා පරාසයක සටහන්ව තිබෙනවා. පසුගිය සතිය තුළ දී කුකුළු මස් කිලෝවක සිල්ලර මිල සටහන් වූයේ රුපියල් 690ත් 900ත් අතර පරාසයකින් බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිකුත් කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගනන් වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01