දැනට මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක මුදල් අච්චු ගහලා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ හා උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් කාබාසිනියා කරමින් උද්ධමනය අහස උසට නංවන මැරතල් මුදල් අච්චු ගැසීමක දිගටම නිරතවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව මේ දක්වා කාලය තුළ අච්චු ගැසූ මුලු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500 සීමාව ඉක්වමා ගොස් ඇතැයි ඔහු කියා සිටියා. 

මාර්තු 1 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 132.66 ක්. ඊයේ (18) මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව රහසිගතව තබා ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නා. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වන අතර, මාර්තු 14 දින අච්චු ගැසූ රුපියල් බිලියන 83 ක් ද මෙයට ඇතුලත්.

2020 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1569.29 ක් හෙවත් රුපියල් මිලියන 1,596,290 ක්.   

මුදල් අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බව ප්‍රකාශ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව මුදල රුපියල් බිලියන 359.66 ක් අච්චු ගසා තිබෙනවා.

ඩොලර් සහ ඉන්ධන අර්බුදයට අමතරව රටතුල රුපියල් අර්බුදයක් ඇති කිරීමට මුලික හේතුව වූවේ රජයේ මැරතන් මුදල් අච්චු ගැසීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය සිදු කරන අත්තනෝමතික මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයක්.

ඒ සඳහා 1949 අංක 58 දරණ මුල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ සාමාජිකත්වයෙන් භාණ්ඩාගාර ලේකම් ඉවත් කර, එය වෘත්තිකයින් අතට පත් කළ යුතු බවට අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේ තිබිය දී, මහ බැංකුව අඛණ්ඩව මුදල් අච්චු ගැසීම යන යකා කොරහත් බිඳගෙන යාමේ උත්සාහයක් බවයි හෙතෙම සඳහන් කළේ.

කිසිදු සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඩොලර් අර්බුදයක් පමණක් නොව, රට තුල භාණ්ඩ මිල ඉහළ යාම දරාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

කාබනික වගා සංකල්පයක් හදුන්වාදීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර, එළවළු පළතුරු, බිත්තර, ඇතුළු දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල මිල අනෙකුත් භාණ්ඩවලට වඩා මිල ඉහළ යාමට කෘෂි නිෂ්පාදන බිඳවැටීම හේතුවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36