නුදුරේදීම නැවත ගෑස් මිල ඉහල යන හේතුව

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය වෙළඳපලට නිකුත් කිරීම සඳහා පමණක් ලිට්රෝ සමාගමට රුපියල් 4462 ක මුදලක් පිරිවැය වශයෙන් දැරීමට සිදුවී ඇති බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ පියල් කොළඹහෙට්ටි පවසනවා.අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසා සිටියේ මේ ආකාරයට පාඩුපිට ලිට්රෝ සමාගම තවදුරටත් පවත්වාගෙන ගිය හොත් ඉදිරි මාස තුන ඇතුළත මෙම සමාගම වසා දැමීමට සිදුවන බවයි.

මේ වන විටත් රුපියල් කෝටි 1100 ට අධික පාඩුවක් දරමින් ලිට්රෝ සමාගම පාරිභෝගිකයින් වෙනුවෙන් ගෑස් නිකුත් කරන බවත්, තවදුරටත් එලෙස සිදු කිරීමට සමාගමට හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළා.මේ වන විට ලංකාව පුරා කුඩා සංචාරක හෝටල් 1500 ට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ඒ හරහා සිය සමාගමේ අලෙවිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී ඔහු පෙන්වා දුන්නා.2015 වසරේ සිට මේ දක්වා ආසන්න වශයෙන් රජයට රුපියල් බිලියන 50කට ආසන්න මුදල් ප්‍රමාණයක් සිය සමාගම හරහා උපයා දී තිබුණ ද මේ වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් නුදුරේදීම ගෑස් සිලින්ඩරයක මිල වැඩිකර මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමාගම කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම පාඩු ලබන ආයතනයක් බවට පත් වී බංකොලොත් වී යා හැකි බවට ඔහු අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40