ලංගම බස් රථයක් ගිනිගෙන දැවෙයි

දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ  රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්  එක වරම ගිනි ගැනීමට ලක්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ ගිනි ගෙන ඇත්තේ   අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් බව දඹුල්ල පොලිසිය කියයි.

අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ මගින් දෙදෙනෙකු බැස්සවීම සඳහා දඹුල්ල බුලාගලදී   වේගය අඩු කරනවාත් සමඟ එක වරම බස්ර රථයේ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය කියයි.

විනාඩි කිහිපයකින් බස් රථයේ එන්ජිමේ ගින්න වැඩිවීමත් සමඟ බස් රථයේ සිටි මගීන් කෑකෝ ගසමින් එළියට පැන තිබේ.අනතුරුව ප්‍රදේශවාසීන් හා මගීන් එක්ව  දැඩි වෙහෙසක් දරා නිවෙස් වල ඇති ජල බට රැගෙනවිත් ජලය  යොදමින් බස් රථයේ ගින්න පාලනය කර ඇතැයිද පොලිසිය කීවේය. දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන  ඒකකයට ඇමතුමක් ලබාදී  මේ පිළිබදව දැනුම්දීමෙන් පසු එම පිරිස් කඩිනමින් පැමිණ බස් රථයේ ද සිදු වන්නට ගිය  විශාල විනාශ වළක්වාලීමට සමත් විය.බස් රථය ගින්නට අසු වූ ආකාරය සොයා ගෙන   නොමැති අතර ඇතැම් විට කාර්මික දෝෂයකින් මෙම ගින්න හටගන්නට ඇතැයි දඹුල්ල බස් ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරීහු පවසති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40