බැසිල්ට ඉන්දීය අගමැති මෝදි කී දේ

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත්තේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවය.

නිවේදනයක් නිකුත් කරමින් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවූයේ ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන් බවය.

එසේම කෘෂිකර්මය පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය සංචාරක ක්ෂේත්‍රය සහ ධීවර ක්ෂේත්‍රය ගැනද එහිදී අදහස් හුවමාරු වූ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මයට යොමුවීම සම්බන්ධයෙන් සහ එම ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් ලබාගත හැකි තාක්ෂණික සහය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?