වයඹ විශ්වවිද්‍යාලයේ, කුලියාපිටිය කොටසේ සිසුන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සිසුන් 48 දෙනෙකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලින් සිසුන් 26දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, අද(28) සිදුකළ පරීක්‍ෂාවන් 29කින් 18 දෙනෙකු ද, ඊයේ (27) සිදුකළ පරීක්‍ෂාවන් 8න් 7 දෙනෙකු ද වේ.
වයඹ සරසවියේ තවත් සිසුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළකළ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ නොපමාව පළමු අවස්ථාවේදීම කොවිඩ් එන්නත ලබාගන්නා ලෙසය.
එමෙන්ම තනි තනි වශයෙන් තම සෞඛ්‍ය පුරුදු නොපිරිහෙළා ඉටුකරන ලෙසත් තමන් ආරක්‍ෂාවනවා සේම තම සමීපතමයින් ඇතුළු සමාජ වටපිටාව සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට හැකි උපරිමයෙන් දායක වන ලෙසද සෞඛ්‍ය අංශ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.














Done lot of things to this motherland budusaranay