වයඹ සරසවියෙන් මතු වුණ පොකුර

වයඹ විශ්වවිද්‍යාලයේ, කුලියාපිටිය කොටසේ සිසුන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සිසුන් 48 දෙනෙකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලින් සිසුන් 26දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, අද(28) සිදුකළ පරීක්‍ෂාවන් 29කින් 18 දෙනෙකු ද, ඊයේ (27) සිදුකළ පරීක්‍ෂාවන් 8න් 7 දෙනෙකු ද වේ.

වයඹ සරසවියේ තවත් සිසුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළකළ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ නොපමාව පළමු අවස්ථාවේදීම කොවිඩ් එන්නත ලබාගන්නා ලෙසය.

එමෙන්ම තනි තනි වශයෙන් තම සෞඛ්‍ය පුරුදු නොපිරිහෙළා ඉටුකරන ලෙසත් තමන් ආරක්‍ෂාවනවා සේම තම සමීපතමයින් ඇතුළු සමාජ වටපිටාව සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට හැකි උපරිමයෙන් දායක වන ලෙසද සෞඛ්‍ය අංශ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29