නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, පළමු වරට ග්‍රාම නිලධාරී 1,540 දෙනෙකු සඳහා අද (08) දිනයේ පත්වීම් ප්රදානය කෙරෙනවා.
ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී යි.
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් පිරිසකට මෙලෙස පත්වීම් පිරි නැමීමට නියමිතයි.
මෙම නව පත්වීම් ප්‍රදානයත් සමගම, දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා.










