ජනතා නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අතර හමුවක් අද (10) පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණා.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර සූදානම් කර තිබෙන ජනරැළියට සහභාගී වීමට මෙම හමුවේදී ආරාධනාවක් ලැබුණු බවයි.
කෙසේ වෙතත් මෙම රැළියට සහභාගී වීම සඳහා දම්බන්ධයෙන් පක්ෂයේ සාමාජිකයන් සමඟ අද (10) දිනයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළා.













