ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳසැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන් දැඩි විරෝධය පළ කර සිටි අතර ඔවුන් සඳහන් කරන්නේ මීට පෙර තමන් වෙළඳාම් කටයුතු කළ ස්ථානවලින් ඉවත්කර, නගර සභාවේ බලධාරීන් විසින්ම මෙම ස්ථානයේ කඩ සාදා දුන් බවයි.
පෙර දැනුම්දීමකින් තොරව ඉවත්කරා ගැනීමට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම පැමිණ මෙලෙස තම වෙළඳසැල් ඉවත් කළ බවයි එම වෙළඳුන් චෝදනා කළේ.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි ලෙස දැනුම් දී තිබූ බවයි.
ඉදිකිරීම් ඉවත් කිරීමේ අවස්ථාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් ද ආරක්ෂාව සඳහා එම ස්ථානයට කැඳවා තිබිණි.













