අධිකරණයට අපහාස කළේ නැහැ – දිලිත්ගෙන් රිට් පෙත්සමක්

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාදිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ අදහස් වලින් තෝරා ගත් කොටස් කීපයක් පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් සිය සේවා දායකයා අධිකරණයට අපහාසයක් සිදු කළ බවට කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව හිතාමතාම සිදුකර ඇති බවත් එම සාකච්ඡාවේදී පෙත්සංකරු සිදු කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම මිස අධිකරණයට අපහාස කිරීමක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්තට සම්බන්ධ අධිකරණයට අපහාස කිරීමේ නඩුකරය ලබන 14 වන දා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මෙම පෙත්සමද කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති - යුරෝපයට යැවෙන ප්‍රථම උභයජල යාත්‍රාව
01:41
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - කැමරාව දිහාවත් නොබලා යන හැටි
00:44
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි..උණුසුම් තත්ත්වයක්.."හෙ# ග#නවා මහත්තයෝ"
02:55
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10