SLS සහතික රහිත විදුලි දිගු රැහැන් අලෙවි කළ ප්‍රසිද්ධ ආයතනයට වැඩ වරදී

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අනිවාර්ය ප්‍රමිති සහතික ලාංඡනය (SLS) නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම, අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගේ නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවියට තැබීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බදුල්ල පාරේ පිහිටි CIB Shopping Centre (Vijaya Sri Group Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 04ක් යටතේ නඩු පවරනු ලැබුවා.

2026.08.28 දින සිදුකළ වැටලීමේදී, 2017.12.07 දිනැති අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ අංක 63 දරන විධානය උල්ලංඝනය කරමින් SLS සලකුණ නොමැති විදුලි දිගු රැහැන් රු. 2,790/-කට අලෙවි කිරීම අනාවරණය වූ බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.

අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, විත්තිකාර සමාගමට රු. 400,000/-ක (රුපියල් ලක්ෂ හතරක) දඩයක් නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05