මහජන සෞඛ්‍ය පරීක්ෂවරුත් අනතුරු අඟවති

දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද එම සංගමය සඳහන් කරයි.

මහජන පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් මෙසේ පැවසීය.

“දැනට ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. දෛනිකව 2000කට ආසන්න කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන බවක් පේනවා නිවැරදි දත්ත ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නොවුණට.  මේ වාර්තා වන සංඛ්‍යාවේ වැඩිවීම නිසා ම මේ වෙද්දි රෝහල් පිරී ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහෝමයක ඉඩ මේ වෙද්දි අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දි ආපහු භාරදීලා. මේ වෙද්දි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. මේ රෝගීන්ගේ වාර්තා වීම ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් වෙනබවට පෙර මඟ ලකුණු පහල වෙලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියෝත් මරණ සංඛ්‍යාවත් ඉදිරියේ දී ඉහළ යා හැකියි.”

කෙසේවෙතත් අවශ්‍යතාව අනූව රෝහල්වල ධාරිතාව ඉහළ නංවා ගැනීමට රෝහල් බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් වසංගතයේ කුමන නව ප්‍රභේද පැමිණිය ද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48