විදුලි කප්පාදුව පිළිබඳව විශේෂ තීරණය

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අද දහවල් සිය කොමිසම රැස්වී රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමෙන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතී ද යන්න පිළිබඳව තීරණය කරන බවය.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර තිබුණි.

පවතින ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය කළ හැකි ප්‍රමාණය මෙන්ම විදුලි ඉල්ලුම ද සලකා බැලීමෙන් අනතුරුව විදුලි කප්පාදු යෝජනාව පිළිබදව අද දිනයේ යළි සමාලෝචනයක් සිදුකිරීමට නියමිතව තිබේ. කෙසේවෙතත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වන විට අක්‍රීය වී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් අහිමිවුණි.

පවතින තත්ත්වයන් හමුවේ ඉදිරි දින තුන තුළ ද අඛණ්ඩව විදුලිය සැපයීමට උපරිම උත්සාහයක් දරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47