තරු ගහපු පොලිස් ලොක්කාගේ අනියම් බිරිඳගෙන්, සැරයන් බිරිඳට ලැබුණු අමතක නොවන තෑග්ග

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන් වරියකට ප්‍රහාරයක් එල්ලකල කාන්තාවක ඊයේ (20දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල , කලුඅග්ගල පදිංචි 34 හැවිරිදි කාන්තාවක බව පොලිසිය සඳහන් කළේය.

සැකකාර කාන්තාව, පානදුර වලාන ප්‍රදේශයේ පොත් හලක සේවය කරන බවත් , එහිදී දෙදෙනා අතර ඊයේ රාත්‍රී ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවත් සදහන් වේ.

පහරකෑමට ලක්වූ පොලිස් බිරිඳ පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පහරකෑමට ලක්වූ කාන්තාවගේ සැමියා උප පොලිස් පරීක්ෂක වරයෙකු බවත් , ඔහුගේ අනියම් බිරිඳ බවට සැකකරන කාන්තාවක පහරදීම සිදුකර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකරන බව පැවසේ. පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?