පළාත් 3ක ගුරුවරුන්ට මේ මාසේ රු.5,000 නෑ

රාජ්‍ය සේවක වැටුපට එකතු කළ රුපියල් පන්දහසේ දීමනාව උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත්වල බොහෝ ගුරුවරුන්ගේ මේ මස වැටුප් පතට ඇතුළත් වී නොතිබුණු බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා චෝදනා කළේ ය.

ගුරුවරුන්ගෙන් ලද පැමිණිලි මත තමා බලධාරීන්ගෙන් මේ ගැන විමසුවේ යැයිද රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර නොතිබීම ඊට හේතු වී ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

රුපියල් පන්දහසක දීමනාව යනු වෘත්තිකයන් සටන් කර ලැබූ අරගලයක ජයග්‍රහණයක් යැයි කී හෙතෙම ඇතැම් පළාත්වලදී මෙසේ වෙනස්කම් කරමින් ගුරුවරුන්ට සැලකීම මුළුමනින් ම අසාධාරණ යැයි ද ඔහු චෝදනා කළේ ය.

මෙසේ ජනවාරි මස ගුරු වැටුපට රුපියල් පන්දහස ඇතැම් පළාත්වලදී ලබා නොදීමට තීරණයක් ගෙන ඇත්තේ වැටුප් ලේඛන ද සකසා අවසන් කළ පසු යැයි ස්ටාලින් මහතා කීවේ ය.

මේ නිසා අදාළ රුපියල් පන්දහසේ දීමනාව ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු වී නොතිබුණත් එම අගය වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කර ඇතැයි ද ඔහු පැවසීය.

මෙම පටලැවිල්ල නිසා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැඩි දුෂ්කරතාවකට පත් වී යැයි ද ඊට බලධාරීන් මුළුමනින් ම වගකිව යුතු යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය. 

මේ අතර, අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් එම කලාපයේ සියලු ම විදුහල්පතිවරුන්, පරිවේණාධිපතිවරුන් හා ගුරුවරුන් වෙත පෙරේදා (ජන. 19) යොමු කළ ලිපියකින් දන්වා තිබුණේ 2022 ජනවාරි මස සිට රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී මේ බව දැනුම් දී ඇති බැවින් වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කර ඇති අදාළ දීමනාව වැටුපට එකතු කර නොමැති බව සලකන්නැයි ද එම ලිපියෙන් අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරිවරයා ඉල්ලා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40