චීන පොහොර නැවේ ගැටලුව විසඳයි

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා මහජන බැංකුව ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව අද (03) කොළඹ වාණිජ මහාධිකරණය සමථයට පත්කෙරුණා.

ඒ අනුව මුදල් ගෙවිම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ද විසුරුවා හැරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ.

දෙපාර්ශවය නීතිඥවරු අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් එම නඩු කටයුත්ත සමථයට පත්කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළේ.

සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට එකඟ වී තිබේ.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වී තිබේ.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසිවල සඳහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලෙයාන් බලන්න මම බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ.. l Namal Rajapaksa
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28