spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන පොහොර නැවේ ගැටලුව විසඳයි

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා මහජන බැංකුව ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව අද (03) කොළඹ වාණිජ මහාධිකරණය සමථයට පත්කෙරුණා.

ඒ අනුව මුදල් ගෙවිම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ද විසුරුවා හැරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ.

දෙපාර්ශවය නීතිඥවරු අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් එම නඩු කටයුත්ත සමථයට පත්කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළේ.

සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට එකඟ වී තිබේ.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වී තිබේ.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසිවල සඳහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?