විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරනවා.
ඒ, අනුව දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම සමාගම පවසන්නේ.
සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණා.
